බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 2, 2019

බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට

බ්ලූමැන්ඩල් සංඛ හෙවත් සිරිනාත් නැමැති පාතාල කල්ලි සාමාජිකයා සහ සබ්රාස් මොහොමඩ් නමැති පුද්ගලයෙක් ඊයේ තමිල්නාඩු කේනිකරායි ප්‍රදේශයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පළමුව මෙම
ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නිතිය උල්ලංඝණය කරමින් ඉන්දියාවේ රැඳී සිටීමේ චෝදනාවටයි.

නමුත් සිදුකර තිබෙන විමර්ශන වලට අනුව අත්අඩංගුවේ ගෙන ඇත්තේ කොළඹ පදිංචිකරුවන් දෙදෙනක් වන ඩි.සංඛ සහ සබ්රාස් මොහොමඩ් බව වාර්තා වෙනවා.

මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකොට මොවුන් දෙදෙනා ඉකුත් දෙසැම්බර් මාසයේ දී නිතිවිරෝධිව අයුරින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණ ඇති බවට එරට බුද්ධි අංශ විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad