රුපියල් කෝටියකට අධික වටින කේරල ගංජා උතුරු මුහුදෙන් අත්අඩංගුවට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 2, 2019

රුපියල් කෝටියකට අධික වටින කේරල ගංජා උතුරු මුහුදෙන් අත්අඩංගුවට.

Loading...

යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා සෝදිසි කිරීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා 86.4 ක ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුවට උතුරු  මුහුදු ප්‍රදේශයේදී කළ මුර සංචාරයේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී කේරළ ගංජා ජාවරම අත්අඩංගුවට ගෙන ඇත.
ඩිංගි යාත්‍රාවේ තිබී මෙම කේරළ ගංජා තොගය පර්සල් දෙකක බහා තිබී ඇති අතර අදාල කේරල ගංජා තොගය ඉන්දීයාවේ සිට ශ්‍රී උතුරු මුහුදට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටියි.
අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් කන්කසන්තුරේයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කොට ඇත.
-sinhalalankanews

No comments:

Post a Comment

Post Bottom Ad