අර්ජුන් ගේන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

අර්ජුන් ගේන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තාවක් !

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ප්‍රථම ගනුදෙනුවට (2015 පෙබරවාරි මස 27 දින සිදුවූ) වගකිවයුතු පාර්ශ්වවලට එරෙහිව අධි චෝදනා යටතේ මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිවය අධිචෝදනා යටතේ නඩු පැවරෙනු ඇතැයි පැවසේ.

2015 වසරේ පෙබරවාරි මස සිදුකළ බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට රුපියල් මිලියන 688කට අධික අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා වාර්තා කර තිබිණි.

ඊට පෙර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

බැඳුම්කර චෝදනා මත දැනට ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර තිබෙන අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මේ දිනවල විශේෂ වාර්තාවක් සකස් කරමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

එම වාර්තාව ලබන සතියේ සිංගප්පූරු නීතිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

ඉන් අනතුරුව දැනට අධිකරණය මගහැර සිටින අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉදිරි නීතිමය පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad