ලංකාව ගැන වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

ලංකාව ගැන වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයට

ලංකාව ගැන වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයට

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව අද(20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙරට සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මිට පෙර වාර්තාවක් සකස් කර තිබූ අතර එය නිල වශයෙන් අද දිනයේදි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.

අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඇය ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු දැක්වීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු දූත පිරිස අදාළ වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad