වෙඩි තැබීමකින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක රෝහලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

වෙඩි තැබීමකින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක රෝහලට

වෙඩි තැබීමකින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක රෝහලට

බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදී තුවාල ලබා තිබේ.

අද(20) උදෑසන ඒ මහතාගේ නිවසට ගිය ඔහුගේ ඥාතියෙකු විසින් කපිල අමරකෝන් මහතා වෙඩි වැදී වැටී සිටිනු දැක ඒ පිළිබඳ පොලීසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

එහිදී තුවාල ලැබූ ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad