"පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති විල්පත්තු ගැටලුවට වහා පියවර ගන්න ඕනේ" - නාමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

"පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති විල්පත්තු ගැටලුවට වහා පියවර ගන්න ඕනේ" - නාමල්

පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන මහතා විල්පත්තුවේ ක්‍රියාත්මක වන පරිසර විනාශයට එරෙහිව පියවර ගත යුතු බව පාර්ලිමේන්තු ⁣මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

ඒ මහතා ට්විටර් සමාජජාලය තුළ ප්‍රකාශයක් තබමින් වැඩි දුරටත් පවසා තිබුණේ මෙම ගැටලුව තවත් වැඩි වීමට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරක් ගත යුතු බවත්, එය ශ්‍රී ලංකා සමාජයේ විශාලතම ගැටලුවක් බවත් එය පාලනය කිරීමට රජය කටයුතු කළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් පණිවිඩය ඔස්සේ ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය විවේචනය කරමින් පවසා තිබුණේ මෙම පරිසර විනාශය පැවති රජයේ ආරම්භ වු බවයි.

මෙම ගැටලුවට මැද සිටින රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා රාජපක්ෂ රජයේ ද අමාත්‍යවරයෙකු ලෙස ද සේවය කර ඇත.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට තවත් අමාත්‍යංශයක් ලබා දෙමින්, අග්‍රාමාත්‍යයවරයා සතුව තිබූ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කැබිනට් අමාත්‍යය ධූරය ද ලබා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad