එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත

එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත

විදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැතැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉඩම් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණක්ව පවතින ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යථාර්ථයක් කිරීමට ඉඩම් අමාත්‍යාංශය කැප වී සිටින බවයි.

ඉඩමට ඔප්පුවක් නොමැති වීමෙන් දරුවන් පාසලකට ඇතුලත් කිරීමේදී  පටන් ඉඩම් හිමිකම් පැවරීම දක්වා පවතින දුෂ්කරතා පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් අමාත්‍යවරයා ලෙස උපරිම කාර්යක්ෂමතාවයකින් ඉඩම් ඔප්පු රට පුරා බෙදාදීමේ කටයුත්තට තම අමාත්‍යාංශය අත ගසා ඇති බවත් සඳහන් කළේය.

 පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව දේශපාලන පාට කන්නාඩියෙන් නොබලා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඒ පිළිබඳව සෑම මොහොතේදීම පක්ෂ විපක්ෂ මහජන නියෝජතයින්ද ඇගයීමට ලක් කර තිබෙන බවද සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad