තාක්ෂණික දෝෂයක් නිසා ජොනීගේ නඩු ඉවත් කරගන්නවා - අල්ලස් කොමිසම - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

තාක්ෂණික දෝෂයක් නිසා ජොනීගේ නඩු ඉවත් කරගන්නවා - අල්ලස් කොමිසම


වාර්ෂික වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකර සිටියා යැයි
කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් හිටපු සමුපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය

පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ගොනුකර තිබූ නඩු හතරෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ
ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ
(19දා) නියෝග කළාය.


තාක්ෂණික දෝෂයක් නිසා මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇති බවට
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තීරණය කර ඇති බැවින් අධිකරණයේ වටිනා කාලය නාස්ති නොකර මෙම
නඩුව ඉල්ලා අස්කරගන්නා බවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගංගා
හෙයියන්තුඩුව මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියාය.

මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව එම නඩු හතරෙන්ම නිදහස්
කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

වත්කම්  හා බැරකම් පනතේ 75 අංක (1) වගන්ති ප්‍රකාරව 2011/2012/2013 සහ 2014 යන
වර්ෂයන්ට අදාළව වත්කම් බැරකම් සාධාරණ හේතුවක් මත ප්‍රකාශ කිරීමට නොහැකි වීම හේතුවෙන් එම
ප්‍රකාශයේ 9 (1) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට එම කොමිසම චෝදනා නඟා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad