කතරගම මහා දේවාල පරිශ්‍රයේදී පුද්ගලයෙක් ගිනි තබා ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 2, 2019

කතරගම මහා දේවාල පරිශ්‍රයේදී පුද්ගලයෙක් ගිනි තබා ගනී


කතරගම මහා දේවාලයට අනුබද්ධ ඒ ආසන්නයේ පිහිටි විෂ්ණු දේවාලයේ ගින්නක් හටගෙන තිබේ.

අද (03) උදැසන දේවාල පරිශ්‍රයේ සිටි බැතිමතෙක් නොසිතු පරිදි ඔහුගේ සිරුරට ගිනි තබා ගනිමින් විෂ්ණු
දෙවාලය ඇතුලට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව දෙවාලයද ගිනි ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

පසුව දෙවාලයේ ගින්න මැඩපත්වා තුවාලකරු කතරගම
දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරු හම්බන්තොට රෝහලට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ තිස්සමහරාම-රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.

ගිනි තබා ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය වි නොමැති අතර කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad