පොලිස්පති විශේෂ ජනපති කමිටුවට පැමිණෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 26, 2019

පොලිස්පති විශේෂ ජනපති කමිටුවට පැමිණෙයි


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  විශේෂ ජනපති කමිටුව හමුවට පැමිණ තිබෙනවා. මෙම කමිටුව දිවයිනේ ස්ථාන 7 ක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා උපදෙස් පසුගිය දා පත්කෙරුණා.

එම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විතයි.

ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදුවූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල්වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුලත වාර්තා කරන්නැයි එම විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයට ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad