Loading...
සිය විවාහක සැමියා අසල්වැසි කාන්තාවක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් කම්සුව විඳීමට කැලෑවකට ඇතුළුවෙද්දී ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි ඔහුගේ බිරිඳ අනියම් පෙම්වතියගේ සැමියා සොයාගොස් ඒ පිළිබඳව සැලකළ අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් එම කාන්තාවට පහරදීමට තැත් කරද්දී තමන් අත වූ පිහියකින් ඔහුට කොටා තුවාල සිදුකළැයි කියන සිද්ධියක් දෙබත්ගම එළගිපිටිය ප‍්‍රදේශයෙන් අරණායක පොලිසියට වාර්ථා වී ඇත.
සිද්ධියට සම්බන්ධ අනියම් පෙම් යුවලගේ නොමනා හැසිරීම පිළිබඳව සැලවූදා සිට ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි ඉහත කී කන්තාව සිද්ධිය වූ දින සිය සැමියා අනියම් පෙම්වතියගේ නිවස දෙසට යද්දී ඇයද ඒ පසුපස ගොස් ඇති අතර මද වේලාවකින් අනියම් පෙම් යුවල තමුන්ගේ සුපුරුදු ස්ථානයට දැක ඇත. මේ අනුව එම කාන්තාව අනියම් පෙම්වතියගේ නිවසට ගොස් සැමියාට මේ බව දැනුම්දී සිද්ධිය සියැසින් බලා ගන්නා ලෙසට පවසා ඇත. එම අවස්ථාවේ සිය බිරිඳ වල්කම් නොකරන තැනැත්තියක බවට පවසා එම කාන්තාවට බැන වැදී ඇත. එම බහින් බස් වීම දුරදිග ගොස් එම පුද්ගලයා ඇයට පහරදීමට තැත්කළ අවස්ථාවේ ඇය අත වූ පිහියකින් අනියම් පෙම්වතියගේ සැමියාට පහරදී තුවාල සිදුකර ඇත.
පසුව මෙම ගැටුමේදී තුවාල ලත් පුද්ගලයා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත්කර ඇත. සිද්ධිය පිළිබඳව සැලවූ වහාම ක‍්‍රියාත්මක වූ අරණායක පොලිසියේ නිළධාරීන් පිරිසක් අදාළ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඇය විසින් ඉහත කී සිද්ධිය හෙළිදරව් කර ඇති අතර ඒ අනුව අත්අඩංගුවට පත් කාන්තාව මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත පසුගිය 13 වැනිදා ඉදිරිපත්කරන ලදුව ඇප මත මුදාහැර ඇත.
අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. කේ. නන්දන කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ. පො. ප. විජේරත්න බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර අරණායක පොලිසියේ අධිකරණ කටයුතු භාර පො. සැ. 28671 කොඩිතුවක්කු මහතා විසින් සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත්කර තිබිණි.
දිවයින පුවත්පත

No comments:
Post a Comment