කුමන දී කොටියෙක් කම්කරුවකු මරා දමයි,සෆාරි ජීප් රියැදුරකුද සපා කයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 18, 2019

කුමන දී කොටියෙක් කම්කරුවකු මරා දමයි,සෆාරි ජීප් රියැදුරකුද සපා කයි.

Loading...
කුමන ජාතික උද්‍යානයේ මාර්ග අලූත්වැඩියා කරමින් සිටි කම්කරුවන් පිරිසක් වෙත කඩා වැදුණු කොටියකු එක් කම්කරුවකු ඩැහැගෙන ගොස් මරා දමා ඇතැයි වනජීවි ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සැලවීමත් සමඟ අදාළ ස්ථානය වෙත ළඟා වූ සෆාරි ජීප් රථ රියදුරකු වෙතද මෙම කොටියා කඩාපැන සපා කෑම නිසා එම රියදුරු බරපතල තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුළත් කර ඇත.

උද්‍යාන මූලස්ථානයේ සිට කිලෝ මීටර් 7 ක් පමණ දුරින් පිහිටි බාගුරේ - දිවුල්පල්ලම හරහා බඹරගස්තලාවට වැටී ඇති මාර්ගය අසලදී ඊයේ සවස (18) දා4.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව වනජීවි ආරංචි මාර්ග කියා සිටී.

සිද්ධිය පිළිබඳව වනජීවි නිලධාරීන් විසින් පානම පොලිසියට පැමිණිලි කර ඇති අතර ඊයේ සවස මියගිය කම්කරුවාගේ මළ සිරුර පිළිබඳ පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.
- දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad