පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු පිළිබඳ තවත් රහසක් එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 15, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු පිළිබඳ තවත් රහසක් එළියට

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ සේවය කළ ආදිල් අමීස් (Aadhil Ameez) නම් තරුණයා පිළිබඳව මේ වන විට තොරතුරු රැසක් අණාවරනය කරගෙන තිබෙනවා.

මෙම තරුණයා සම්බන්ධයෙන් වසර 03කට පෙර සිට ඉන්දීය බුද්ධි අංශ මඟින් තොරතුරු විමර්ශනය කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.
එමෙන්ම ඔහු මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතව සිට ඇති අතර, ඔහු IS ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ බවට විමර්ෂණ වලදී හෙලිවී ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

250කට අධික පිරිසකට මරු කැඳවමින් හෝටල් සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ කණ්ඩායම් 02 අතර ප්‍රධාන පුරුක මොහු ලෙසයි සැළකෙනවා.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය එල්ල කර දින 04කට පසු එනම් අප්‍රේල් 25 වනදා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රොයිටර් පුවත් සේවය වෙත මේ බව පවසා තිබුණා.

එමෙන්ම ඉන්දියානු ජාතික පර්යේෂණ බුද්ධි ආයතනය (NIA) සහ ගුජරාට් ප්‍රාන්තයේ පොලීසිය මඟින් ලංකාවේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

LinkedIn හරහා පෙනී සිටින ආදිල් වෘත්තිමය මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන බවත් වෙබ් නිර්මාණකරුවෙකු මෙන්ම පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ලෙසත් කටයුතු කරන බව සඳහන්.

තවද ඔහු එක්සත් රාජධානි විශ්වවිද්‍යාලයක දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා.

ආදිල් වෙනුවෙන් පෙනී සිටීමට තවමත් නීතිඥවරයෙකු නොමැති බවත් ප්‍රහාරයෙන් පසුව පනවන ලද නව හදිසි නීති රෙගුලාසි යටතේ දින නියමයක් නොමැතිව ඔහුව රඳවා තබා ගැනීමේ හැකියාව පවතින බවත් වාර්තා වනවා.



 අලූත්ගම ප්‍රදේශයේ ජීවත් වන ඔහුගේ පියා වන එම්. ආමීස් මෙම සිද්දිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නේ, “චෝදනාවන් බොරුවක්” බවයි.

ඉන්දියානු බුද්ධි අංශ විසින් 2016 වසරේ සිට ආදිල්ව අධීක්ෂණය කර ඇති අතර ඉස්ලාමීය රාජ්‍ය ක්‍රියාකාරී සැකකරුවන්ට එරෙහිව ආදිල් හට ඉන්දියානු උසාවිවල චෝදනා 02ක් ද ගොනු කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි අහමාබාද් ප්‍රදේශයේ යුදෙව් දේවස්ථානයකට පහර දීමට සැලසුම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සබඳතා පැවැත් වූ බවට ද ආදිල් හට චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඔහු 2016 වසරේ IS ව්‍යාප්තියට සැකකරුවන් වූ දෙදෙනෙකුට ප්‍රචාරණ ද්‍රව්‍ය ලබාදුන් බවට ද චෝදනා ලබා සිටිනවා.

ඉන්දියානු බුද්ධි අංශ මඟින් අප්‍රේල් මාසයේ දී එල්ල වීමට තිබූ ප්‍රහාර සම්බන්ධයෙන් තුන් වතාවක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇතැයි ද සඳහන්.

ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සහ ආදිල් යන කණ්ඩායම් දෙක අතර ඇති සම්බන්ධතාවය කුමක් ද යන්න පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදුකරන බවයි.

එහිදී ආදිල් ප්‍රහාරයේ නායකයෙක් ද ඩිජිටල් යටිතල පහසුකම් සැපයූ කෙනා ද යන්න සොයා බලන බව සඳහන්.

ආදිල් අන්තර්ජාලය භාවිත කරමින් පෙනී සිට ඇත්තේ මාධ්‍යවේදියකු ලෙස බවත් ඔහු සියලු කටයුතු සිය නිවසේ සිට සිදුකර ඇති බවත් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම ඔහු ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන හා පුහුණුව සම්බන්ධයෙන් ද සොයා බලා ඇති බවයි හෙළිදරව් වී ඇත්තේ.

පාස්කු ප්‍රහාරයට දින 04කට පසු පොලිස් ආදිල්ගේ නිවස පරික්ෂා කර බැලීමේ දී ප්‍රහාරයට සම්බන්ධ සියලු ලේඛන (File Folders) පරිගණකයෙන් ඉවත් කර (Delete) ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad