තුන්මෝදර ප‍්‍රදේශයේ කළහකාරී ක‍්‍රියාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු සම්බන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රකාශ කළා.
අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා ප‍්‍රකාශ කළා. එවැනි වීඩියෝ දර්ශන හෝ සාක්ෂි තිබේනම් ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා නොහැර ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙසයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක දන්වා සිටියේ.
මේ අතර කළහකාරී ක‍්‍රියා සිදු වූ වයඹ පළාතේ බොහෝ ප‍්‍රදේශ සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශය මේ වනවිට ක‍්‍රමයෙන් යථාතත්වයට පත්වෙමින් තිබෙනවා.
කළහකාරී සිදුවීම් සිදු වූ ස්ථාන වෙත ජනතාවට ප‍්‍රවේශ වීම තවදුරටත් අවහිර කර ඇති අතර මාර්ග කිහිපයක් ද වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප‍්‍රදේශ ආශ‍්‍රිතව රථ වාහන තදබදයක් ද පවතින බවයි දැකගත හැකි වුණේ.
කුලියාපිටිය ප‍්‍රදේශයේ සිදු වූ විවිධ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අද දිනයේ ද පුද්ගලයින් කිහිපදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් නාරම්මල සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ඇති වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
No comments:
Post a Comment