බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදස් වීම එනම් ජනාධිපති පොදු සමාව ලබා දීම බොහෝ විට අද හෝ හෙට දිනයේ සිදු වනු ඇති බවට නිළ නොලත් ආරංචිමාර්ග සඳහන් කරනවා.
ජනාධිපති ලේකම්වරයා ඊයේ පෙරවරුවේ කළ ඉල්ලීමට අනුව ඊයේ පස්වරුව වන විට ''කේ''ශාඛාවෙන් අදාළ රහස් වර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇතැයිද දැන ගන්නට ඇත.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව යවා ඇතැයි කියන මෙම ලිපියට අනුව ඥානසාර හිමියන්ගේ සිර දඬුවම හා බන්ධනාගාරයේ සිටිය යුතු කාලය දැනට ගෙවා ඇති කාලය සිර දඬුවමට නියම වූ දිනය මෙන්ම බන්ධනාගාරයේ ගත කළ කාලය තුළ හැසිරීම ඇතුළුව සමාලෝචන වාර්තාවක් ජනාධිපති කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වේ.
අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු වීම හේතුවෙන් උන්වහන්සේ වසර 19 ක සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම වුයේ 2018 අගෝස්තු 8 වැනිදාය. උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථායක හිමි රාජකාරිය මේ වන විට යොදවා ලැබ සිටිති.
මෙම වාර්තාව සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී එම නිලධාරියා මේ ගැන කිසිවක් අමාත්‍යාංශය නොදන්නා බව කියා සිටියේය.
Wednesday, May 22, 2019

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් වීම අද හෝ හෙට
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment