අනියම් බිරි`ද සමඟ එක්වී අනියම් බිරිඳගේ ස්වාමි පුරුෂයා මරා සිය නිවස අසල වැසිකිළි වළක දමා තිබියදී ඊයේ (21* පෙරවරුවේ කන්තලේ පොලිසිය මගින් දිරා ගිය සිරුර සෙයා ගන්නා ලද අතර සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස මරා දමා ඇත්තේ කැකිරාව ගල්කිරියාගම පදිංචි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ 91 ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙකු සැකපිට කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් අපේ‍්‍රල් 16 හෝ 17 දින මෙම මරණය සිදුකර මෙසේ වැසිකිළි වලට දමා ඇති බව කරණ ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධිය වන දිනවල සැකකරුගේ බිරිඳ හා දරුවන් අළුත් අවුරුද්දට සිය දෙමාපියන් බලීම සඳහා නිවසින් බැහැරව ගොස් සිටි බවද අනාවරණය විය.
සැකකරු මෙම යුවළ සිය නිවසට කැඳවාගෙන විත් ඇත්තේ මිය ගොස් සිටින තැනැත්තාට තිබී ඇති වකුගඩු රෝගයට බෙහෙත් ලබාදීමට සුදුසු වෛදය වරයකු කන්තලේ සිටින බවට පවසා ඊට ප‍්‍රතිකාර ලබා දීමට යැයි පවසමිනි. මේ සඳහා මියගිය අය සමග ඔහුගේ බිරිඳ ද පැමිණ ඇති අතර සිද්ධියෙන් පසුව ආපසු ගිය බිරිඳ සිය සැමියා අතුරුදන්ව ඇති බවට ගල්කිරියාගම පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කර සිටී.
කෙසේ වෙතත් සැකකරුගේ බිරිඳ සිය සැමියාගෙන් හිරිහැර වන බවට පෙරේදා (20) කන්තලේ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, මෙම යුවළ පදිංචි නිවස දෙසින් කුණු ගඳක් එන බවට අසල් වාසීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක්ද හේතුවෙන් පොලිසිය වැඩිදුර කරන ලද විමර්ශන වලින් පසුව නිවසට පැමිණ අවට පරීක්සා කොට ඇත.
No comments:
Post a Comment