කතානායක කරූ ජයසුරිය මහතා විසින් පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉල්ලා අස්වී තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදින්ට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමටයි එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කතානායක විසින් පත් කරනු ලැබුවේ.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කාරක සභාව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත වුණා.
ඒ සඳහා ආණ්ඩු පක්ෂ පාර්ශ්වයෙන් අමාත්‍ය රවුෆ් හකිම්, අමාත්‍ය රවි කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආශු මාරසිංහ, අචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් යෝජනා කළ අතර, එම කාරක සභාව නියෝජනය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රතික්ෂේප කළා.
Friday, May 24, 2019
කතානායක පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉල්ලා අස්වෙයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment