‘Channel 4’ ලංකාවේ පාස්කු ප‍්‍රහාරය ගැන ලොව කළඹන හෙලිදරවුවක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2023

‘Channel 4’ ලංකාවේ පාස්කු ප‍්‍රහාරය ගැන ලොව කළඹන හෙලිදරවුවක!

ශ්‍රී ලංකාවේ 2019 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවු පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් හෙට දින ප්‍රසිද්ධියට පත් කරන බව බ්‍රිතාන්‍ය ‘චැනල් ෆෝ’ නාලිකාවේ නිවේදනය කරයි.

දැනට ස්විට්සර්ලන්තයේ සරනාගත භාවය පතා රැඳී සිටින පිල්ලෙයාන් කණ්ඩායමේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදුකරන ප්‍රකාශයක් මෙහි මූලිකව අඩංගු බවද වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් මෙම ප්‍රකාශ නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ඇතුළු පාර්ශව කිහිපයක් එම පුද්ගලයාට අනුබල දී ඇතැයි ද සඳහන්ය.

පසුගිය අගෝස්තු 15 සඳහා මෙම වීඩියෝ එළිදැක්වීමට සැලසුම් කර තිබුනත් රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරෙස් සාලේ විසින් චැනල් ෆෝ නාලිකාවට නීතිඥවරු මාර්ගයෙන් කළ දැනුම්දීමක් අනුව අදාළ වීඩියෝ එදින විකාශය කිරීම අත්හිටුවා තිබේ.

තම නම යොදාගනිමින් අදාල වීඩියෝවට සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙන අතර පාස්කු ප‍්‍රහාර කාලසීමාව දී තමන් ලංකාවේ රාජකාරි නොකරන බව ද තහවුරු කෙරුණු ලේඛන ද සහිතව සුරේෂ් සාලේ විසින් දැනුම් දී ඇත.

ඒ අනුව මෙම දැනුම් දීමෙන් පසු අදාල නාලිකා විසින් වීඩියෝ සංස්කරණය කරමින් හෙට දිනයේ විකාශය කිරීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad