මාඔයේ මසුන් ඇල්ලීම ගිය පිරිසකට සිම් කාඞ්පත් ගෝනියක් හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 20, 2019

මාඔයේ මසුන් ඇල්ලීම ගිය පිරිසකට සිම් කාඞ්පත් ගෝනියක් හමුවෙයි


මීගමුව - කොච්චිකඬේ ප්‍රදේශයේ මාඔයේ මසුන් ඇල්ලීම සඳහා ගිය තරුණයින් පිරිසකට සිම් කාඞ්පත්  තොගයක් ගෝනියක දමා තිබියදී සොයාගෙන තිබෙනවා. එහිදී  සිම් කාඞ්පත් 1500 ක් තිබී ඇති අතර, එම සිම්පත්  භාවිතයට ගෙන නොමැති බවටයි මුලික පරීක්ෂනවලදී අණාවරනය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සිම්පත් සඟවා තැබුවේ කිනම් හේතුවක් නිසා ද යන්න තවමත් අනාවරණ වී නැහැ. අදාළ සිම්කාඩ් තොගය අයත් දුරකථන සමාගමෙන් මේ පිළිබදව වාර්තාවක් ද කැදවීමට පියවර ගෙන ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad