මේ වසරේ දෙවැනි පාසල් වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ දී පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණ ද පැතිර ගිය කටකතා සහ තහවුරු කර නොගත් තොරතුරු හේතුවෙන් බොහෝ මාපියන් ඔවුන්ගේ දරුවන් පාසල්වලට එවීමට මැළිකමක් දැක්වූ බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියා සිටී.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකු-ත් කරමින් යුද හමුදාපතිවරයා එම කරුණු සඳහන් කරයි.
‘රට රකින ජාතිය’ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව රටේ සියලු පුරවැසියන්ගේත්, දේපළවලත් ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම අවධියෙන් සිටින බව පවසන යුද හමුදාපතිවරයා රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලසා පාසල්වලට ආරක්ෂාව සපයා ඇති හෙයින් සියලු සිසු දරුවන් පාසල්වලට එවැන්නයි දෙමාපියන්ගෙන් යළි යළාත් ඉල්ලා සිටින බව ද පවසයි.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබාදෙන රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවය වාර්තා කිරීමේ අඩුවක් සහ ජන ජීවිතය අඩාළ වීමක් සිදුවූ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.
ප්‍රහාරය සිදු වූ කෙටි කාලයක් තුළ සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය සියලු බලතල දුන් බැවින් ත්‍රස්තවාදීන් විනාශ කිරීමට සහ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනා අල්ලා ගැනීමටකරන ලද මෙහෙයුම් සහ පරීක්ෂණ ඉතා සාර්ථකව සිදු කෙරෙන බව යුද හමුදාපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

රට තුළ ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන්ගේ සේවයට පැමිණීම සහ ජන ජීවිතය පවත්වාගෙන යෑම මේ වනවිට සතුටුදායක ලෙස වර්ධනය වී ඇතැයි ද එහි දැක්වේ.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ද යුද හමුදාපතිවරයාගේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
No comments:
Post a Comment