එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත‍්‍රයා කළ පහර දීමකින් මන්තී‍්‍රවරයාගේ ආරක්‍ෂාවට සිටි ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
මන්තී‍්‍ර පුත‍්‍රයා සහ පොලිස් නිලධාරියා අතර 29 වැනිදා රාතී‍්‍ර 8.30 ට පමණ ඇතිවූ බහින්බස් වීමකින් පසු පොල්ලක් රැුගෙන ආ මන්තී‍්‍ර පුත‍්‍රයා පොලිස් නිලධාරියාට පහර දී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා රෝහල්ගත වීමට පෙර සිද්ධිය හලාවත පොලිසියට පැමිණිලි කර ඇති අතර ශාන්ත සිසිර කුමාර මන්තී‍්‍රවරයාද සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇතැයි හලාවත පොලිසියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
පහර දීමට සම්බන්ධ මන්තී‍්‍ර පුත‍්‍රයා ඊයේ (30 වැනිදා) සවස් වනතුරුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය හැකිව නොතිබිණි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හලාවත මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වසන්ත හේරත් මහතාගේ මෙහෙයවීමෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:
Post a Comment