බියගම, මාබිම ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීමේ සිද්ධිය පිළිබඳ නීතිමය කටයුතු වැළැක්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරමින් සිටින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, ඉකුත් 25 වන දා නූර් මොහොමඩ් මොහොමඩ් සිද්ධික් නමැති පුද්ගලයෙකුට අයත් ගබඩාවක් පරීක්ෂා කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය කිලෝග්‍රෑම් 758,000කට අධික තොගයක් සොයා ගත් බව ය.
අනතුරුව මාකොළ දකුණ සහ හෙයියන්තුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ආහාර ද්‍රව්‍ය ගබඩාවට මුද්‍රා තබා තිබේ.
පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය අතර පරිප්පු, මුං සහ කව්පි ද වන අතර ඒවා කෘමි සතුන් ගහන ආගන්තුක ද්‍රව්‍යයන් සහ පක්ෂි අසූචිවලින් යුක්ත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා වැටලීම කළ නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් තර්ජනය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.
Monday, July 1, 2019
Home
ප්රවෘත්ති
පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීමේ සිද්ධියේ පරීක්ෂණවලට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් බාධා
පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීමේ සිද්ධියේ පරීක්ෂණවලට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් බාධා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment