මහින්ද-මෛත‍්‍රී ඇරඹූ නුවරඑලිය රෝහල මෛත‍්‍රී විවෘත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 15, 2019

මහින්ද-මෛත‍්‍රී ඇරඹූ නුවරඑලිය රෝහල මෛත‍්‍රී විවෘත කරයි

නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදි කරන ලද නුවරඑලිය දිස්ත්‍රික් මුලික මහ රෝහල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(15) ජනාතා අයිතියට පත් කෙරිණ.

අක්කර 16 භුමි භාගයක ඉදි කර ඇති මෙම අංග සම්පුර්ණ රෝහල ඇදන් 600 කින් සමන්විත වාට්ටු සංකිර්ණයක් නවිත තාක්ෂණයෙන් යුතු ශෛලාගාර,  දැඩි සත්කාර ඒකකයක්,
බාහිර රොගි එක්කය , ඖෂදාගාරයක් ,රුධිර පාරවිලයන මධ්‍යස්ථායක් සහිතව අංග සම්පුර්ණව ඉදි කර ඇති මෙම රෝහල සදහා නෙදර්ලන්ත රජය  මුදල රු බිලියන 7  ප්‍රතිපාදන ලබා දි ඇත.

2012 වසරේ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතාගේ ඉල්ලිමක් මත හිටපු  ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට සෞඛ්‍යය අමාත්‍යය වශයෙන් කටයුතු කල වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන යන මහතුන් විසින් රෝහලේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කර ඇත.

අභිනවයෙන් ඉදි කරන ලද රෝහල ජනතා අයිතියට පත් කිරිමේ අවස්තාවට සෞඛ්‍යය සහ දේශිය අමාත්‍යය රාජිත් සේනාරත්න මහතාගේ ආරාධනයෙන් අමාත්‍යය නවින් දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහ නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තනාපති ජොන් ඩුර්නේවාඩ් මහත්මිය නුවරඑලිය මහ නගර සභාවේ වත්මන් පුරපති චන්දනලාල් කරුණාරත්න මහතා , සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහ  වෛද්‍යවරුන් රැසක් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad