රන්ජන් රාමනායක මහා සංඝරත්නයෙන් සමාව ගත යුතුයි - චම්පික - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 15, 2019

රන්ජන් රාමනායක මහා සංඝරත්නයෙන් සමාව ගත යුතුයි - චම්පික

සංඝයා වහන්සේලාට අපහාස වන අයුරින් ප‍්‍රකාශයක් කිරීම ගැන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයෙන් සමාව ගත යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එමෙන්ම ඉදිරියේදී මෙවැනි වැරදි නොකරන බවට සංඝරත්නය වෙත පොරොන්දුවක් ලබාදෙන්නැයි ද රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.


තමන් මෙම ඉල්ලීම කරනුයේ බෞද්ධයෙක් ලෙස මෙන්ම බෞද්ධ අයිතිය විසින් ඉහළින් ඔසවා තැබූ අයෙක් ලෙස බවද අමාත්‍යවරයා පැවසුවේ මොරටුවේදී ඊයේ (14) පැවති උත්සවයක් අමතමිනි.

පුද්ගලයෙකු දෙදෙනෙකු කළ කතාවලින් රජයක්, දේශපාලන පක්‍ෂයක් හෝ වෙනත් කෙනෙක් මනින්නට එපා යැයි තමන් මහා සංඝරත්නයෙන් ද ඉල්ලා සිටින බව කී ඇමැතිවරයා බෞද්ධ ශාසනය ඉදිරියට ගෙන යාමේ වගකීම රජය දරන බවද ප‍්‍රකාශ කළේය.

භික්‍ෂූන්ගේ විනය කතා කිරීම ගිහි දේශපාලකයින්ට ඒවා අදාළ හා සුදුසු දෙයක් නොවන බව ද ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

භික්‍ෂූන් වහන්සේලා රාජ්‍ය නීතියට යටත් බව කී ඇමැතිවරයා අධිකරණයට විසඳිය නොහැකි අභ්‍යන්තර ගැටලූ තිබේ නම් ඒවා විසඳීමට මහ නා හිමිවරුන්, අනුනායක හිමිවරුන්, අධිකරණ සංඝනායක හිමිවරුන් පත්කර සිටින බව ද කීවේය.

භික්‍ෂූන් වහන්සේලා, සංඝ ශාසනය සහ සමලිංගික සේවනය ආදිය ගැන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කර තිබූ ප‍්‍රකාශ අනුමත කළ නොහැකි බව කී අමාත්‍යවරයා රට පරාභවයට ගොස් තිබෙන්නේ ඇතැමුන් කට වරද්දා ගැනීම නිසා බව ද සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad