ඔවුන් දෙදෙනාම මේ වන විට එල්ලුම්ගස ඇති වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයෙහි සූදානමින් රැඳී සිටින බව සඳහන්ය.
ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කළ බව මෑතකදී ප‍්‍රකාශ කල අතර බන්ධනාගාරය විසින්ද ඉක්මනින්ම එල්ලුම්ගහ නිසි ලෙස සකස් කර වදක තනතුරු සඳහා ද පුද්ගලයන් බඳවා ගෙන සිටී.
කෙසේ වෙතත් මේ වන තෙක් ජනාධිපතිවරයාගෙන් නියෝගයක් අධිකරණ අමාත්‍යාංශය ලැබී නැති බවද වාර්තා වෙයි.
මේ අතර ජනාධිපතිවරයා වෙත යවන ලද නම් 18ක ලයිස්තුවේ සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බන්ධනාගාර තුළ ඉමහත් ආතතියෙන් පසුවන බව එහි ආරංචි මාර්ග කියා සිටී.


No comments:
Post a Comment