ලංවිම මිලදී ගත් කෝටි 250ක ජනක යන්ත්‍ර අක්‍රියයි කොමිස් කුට්ටි ලේකම් සුරසේන බටගොඩගේ සාක්කුවේදැයි සැක බැවින් අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා
අමාත්‍ය මණ්ඩලය නොමග යවා හදිසි අවශ්‍යතාවයක් ලෙස විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ රුපියල් කෝටි 250ක් වැය කර ලංකා විදුලිබල මණ්ඩලය මිලදී ගත් ජනක යන්ත්‍ර 50 අක්‍රිය තත්වයේ පවතින බව අප සංවිධානය විසින් කරන ලද විමර්ශනයකින් තහවුරු වී ඇත. හදිසි විදුලි හිගයට පිළියමක් ලෙස අමාත්‍ය මණ්ඩලයද නොමග යවා කර ඇති මෙම මිලදී ගැනීම කොමිස් ගැසීම සදහාම කර ඇති බව තහවුරු වී තිබේ.
මෙගා වොට් 1ක ධාරිතාවයක් සහිත ජනක යන්ත්‍ර 50ක් මිලදී ගෙන ඇත්තේ රටේ පවතින විදුලි හිගයට පිළියමක් වශයෙන් බව හගවා තිබුණද මිලදී ගත් ජනක යන්ත්‍ර නිසි පරිදි ක්‍රියාත්මක නොවන අත්හදා බැලීම් මට්ටමේ පවතින ඒවා බව හෙලි වී තිබේ.
තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලද ඉන්දියානු සමාගමකට අදාල ටෙන්ඩරය පිරිනමා ඇත්තේ විශාල කොමිස් මුදලක් ලබාගැනීම වුවමනාවෙනි.
ජනතාවගේ මුදල් මෙලස විනාශ කිරීම පිළිබදව අප විසින් මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු සූදානම් කරමින් සිටී
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


No comments:
Post a Comment