එංගලන්තය ලෝක ශූරයන් වූයේ කුමාර ධර්මසේනගේ වැරදි විනිශ්චයෙන්,ක‍්‍රිකට් දැවැන්තයන්ගෙන් දස දෙසින් විවේචන. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 15, 2019

එංගලන්තය ලෝක ශූරයන් වූයේ කුමාර ධර්මසේනගේ වැරදි විනිශ්චයෙන්,ක‍්‍රිකට් දැවැන්තයන්ගෙන් දස දෙසින් විවේචන.

Loading...
එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර අවසන් මහා තරගයේ අවසන් පන්දු වාරයේ සිවුවන පන්දුවට ලකුණු 6ක් ලබා දීම නිවැරදි විනිශ්ච තීරණයක් බව ‍ක‍්‍රිකට් ප්‍රවීනයන් චෝදනා එල්ල කරයි.

හිටපු සුපිරි විනිසුරු සයිමන් ටෆල් සඳහන් කරන්නේ එහිදී ලබාදිය යුතුව තිබුණේ ලකුණු පහක් පමණක් බවයි.

පිතිකරුගේ පිත්තේ වදින අවස්ථාවේ ඔහු දෙවන දකුණු සම්පූර්ණ කර නොතිබූ නිසා එය පැහැදිලිවම විනිශ්චයකාරයා අතින් සිදුවූ වරදක් බව ද ඔහු සඳහන් කරයි.

මෙම තීරණයත් සමග එංගලන්ත කණ්ඩායමට ලකුණු හයක් ලැබී ඉතිරි පන්දු දෙකේදී ලකුණු 03ක් ලබා ගනිමින් තරගය සම කලේය.

ඒ හේතුවෙන් යවන ලද සුපිරි පන්දුවාරයේදීද ලකුණු සම වීම හේතුවෙන් වැඩිපුර හතරේ පහරවල් එල්ල කරන ලද පදනම මත එංගලන්තයට ලෝක කුසලාන ජයග‍්‍රමණය හිමි විය.

මෙම තීරණාත්මක තීන්දුව ලබා දෙන ලද්දේ ශ්‍රී ලංකාව නියෝජනය කළ විනිසුරු කුමාර ධර්මසේන විසිනි.

එම එක් ලකුණ හේතුවෙන් නවසීලන්තයට ජය ගැනීමට තිබූ අවස්ථාවක්ද ඇහිරී ගියේය.

අවසන් පූර්ව තරගයේදීද වැරදි දැවී යාමක් ලබා දීම හේතුවෙන් ධර්මසේන දැඩි විවේචනයට ලක් විය.

කෙසේ වෙතත් තමසන් අතින් අහම්බෙන් සිදුවූ වරදට බෙන් ස්ට්‍රොක් නවසීලන්ත කණ්ඩායමෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.

වැරදි විනිසුරු තීරණ දෙකක්ම දුන් කුමාර ධර්මසේන ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත.

theguardian වාර්තාව මෙතනින්
-Lankasinhalnews


No comments:

Post a Comment

Post Bottom Ad