පෙහොට්ටු පුබුදුවමින් ගෝටාභය මවුබිමට පැමිණේ,බාදා නොතකා 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂක වෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

පෙහොට්ටු පුබුදුවමින් ගෝටාභය මවුබිමට පැමිණේ,බාදා නොතකා 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂක වෙයි.

Loading...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් පැය තිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
සිංගප්පූරුවෙදී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති හයක පමණ විවේකයෙන් පසු ඒ මහතා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති මැදමුලක ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් එම අධිකරණයට එකී නඩුව විභාගයට ගැනීමට බලයක් නැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාවක් ඉදිරිපත් කර ඇත.
මේ අතර ලබන අගෝස්තු මස එකොළොස් වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව පැවැත්වෙන අතර පැවැත්වෙයි.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම පක්‍ෂ නායකත්වයට පත්වන බවත් ඔහු විසින් මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කළේය.
-Lankasinhalnews

No comments:

Post a Comment

Post Bottom Ad