"අද තියෙන්නේ කි‍්‍රකට් නෙමෙයි සූදුවක්,මේ ආණ්ඩුව කි‍්‍රකට් විනාශ කළා! "- අර්ජුන රණතුංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 17, 2019

"අද තියෙන්නේ කි‍්‍රකට් නෙමෙයි සූදුවක්,මේ ආණ්ඩුව කි‍්‍රකට් විනාශ කළා! "- අර්ජුන රණතුංග

Loading...

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශුරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර කි‍්‍රකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ මීරිගම ප‍්‍රදේශයේ පැවැති කී‍්‍රඩා උත්සව කිහිපයකදී ඊයේ (16 දා* අදහස් දක්වමිනි.

 මවු රට සහ සේව්ද ස්පෝර්ට්ස් සංවිධානය මෙම කී‍්‍රඩා උත්සව සංවිධානය කර තිබිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ කි‍්‍රකට් පරිපාලනය නරක තත්ත්වයක තිබියදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බවයි. 

 ‘‘මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් තරගය ලෝක කුසලාන ඉතිහාසයේ මම දැක්ක හොඳම තරගය. මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම ලකුණු සම වීම නිසා කණ්ඩායම් දෙකටම සම ශුරතාව ලබා දුන්නා නම් හොඳ යැයි මම පෞද්ගලිකව සිතනවා. එම තරගවාලියේදී අපේ කණ්ඩායම දිහා බැලූ විට අපේ කණ්ඩායම හිතුවට වඩා දක්ෂතා පෙන්නුම් කළා. නමුත් අපි හරි කණ්ඩායමක් තෝරා තිබුණේ නැහැ. එසේ හරි කණ්ඩායමක් තෝරාගෙන තිබුණා නම් අපිට අවසන් පූර්ව තරගයට පැමිණීමේ හැකියාව තිබුණා. අපේ කණ්ඩායමේ නවක කී‍්‍රඩකයෝ තරගාවලියේදී ක‍්‍රමානුකූලව තම දක්ෂතා වර්ධනය කර ගත්තා. නමුත් මැදපෙළේ දුර්වලතා නිසා අපි බොහෝ වෙලාවට අසරණ වුණා. වැදගත්ම දේ අපේ කි‍්‍රකට් පරිපාලනය නරක තත්ත්වයක තියෙන විට කි‍්‍රකට් කණ්ඩායමේ දියුණුවක් දකින්නට ලැබෙන්නේ නැහැ.

 අද කි‍්‍රකට් පරිපාලනය සිදු කරන්නේ කිසිම විදියකින් කි‍්‍රකට් දැනුමක් නැති අය. ඔවුන්ගේ ආශීර්වාදයෙන් කි‍්‍රකට් මුදල් වියදම් කරමින් හතළිහක් පමණ ලෝක කුසලාන තරගාවලිය බලන්න යනවා. නමුත් අපේ රටේ පාසලකට කි‍්‍රකට් කී‍්‍රඩාව උදෙසා සල්ලි දෙන්නැයි කිව්වම කි‍්‍රකට් පරිපාලනය අඬනවා. ගමේ දරුවන්ට කී‍්‍රඩාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ගමේ කී‍්‍රඩකයන්ට අවශ්‍ය බෝලයක් බැට් එකක් ලබා දෙන්නේ නැහැ. ගමේ පාසලට, ගමට බැට් එකක් බෝලයක් නොදී අපි කොහොමද ලෝකය දිනන්නේ. මේ වනවිට කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ වෙලා තියෙන්නේ. මේකට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන. අද කි‍්‍රකට් පරිපාලනය අන්ත ¥ෂිතයි. සූදුකාරයෝ, රේස්කාරයෝ නිසා අද කි‍්‍රකට් මුදලට ගිහිල්ලා තියෙන්නේ.

 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග දිහා බලන්න. අයි. පී. එල්. තරගාවලියට ගිය කී‍්‍රඩකයන් ඉන්දියාව හමුවේ සාර්ථක වුණාද? අයි. පී. එල්. කී‍්‍රඩා කළ කිසිම කී‍්‍රඩකයෙක් ඉන්දියාව හමුවේ සාර්ථක වුණේ නැහැ. නමුත් අද කිිසිම කි‍්‍රකට් පරිපාලකයෙක් මේවා ගැන කතා කරන්නේ නැහැ. හිටපු කී‍්‍රඩා අමාත්‍යවරු විශාල වශයෙන් මේ කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ කළා. සූදු කාරයන්ට නැවත වරක් බලය අල්ලන්න අවස්ථාව ලබා දුන්නා. කි‍්‍රකට් පරිපාලනය කරන සූදු කාරයොත් කී‍්‍රඩා අමාත්‍යවරුන්ට යටි අල්ලස් දුන්නා. හිටපු කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රදේශයේ හෙට්ටිපොළ කී‍්‍රඩාංගණය හදන්න 2017 වර්ෂයේදී රුපියල් මිලියන 55 ක් ලබා දුන්නා. නැවත රුපියල් මිලියන 65 ක් ලබා දුන්නා. ඔක්කොම රුපියල් මිලියන 120 ක්. දැන් ඉන්න කී‍්‍රඩා අමාත්‍යවරයාගේ ප‍්‍රදේශයේ බදුල්ල කී‍්‍රඩාංගණයක් හදන්නත් මෙවර කි‍්‍රකට් නිලවරණයට පෙර රුපියල් මිලියන 45 ක් දුන්නා. මේවා එක්තරා විදියකින් යටි අල්ලසක් විදියටයි මම දකින්නේ. කොහොම නමුත් දැන් ඉන්න කී‍්‍රඩා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා මගේ හොඳ මිත‍්‍රයෙක්. ඔහුත් මේ කි‍්‍රකට් කී‍්‍රඩාව හරි මාර්ගයකට ගෙන ගියේ නැත්නම් ඔහුගේ නමත් කි‍්‍රකට් විනාශ කළ හිටපු කී‍්‍රඩා අමාත්‍යවරුන්ගේ නම් ගොන්නට එකතු වේවි’’යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad