බදියුදීන්-නිරෝෂනේ දරුණුවට ගැටේ.. ‘උස්සලා පොලවේ ගහනවා’ නිරෝෂන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 14, 2019

බදියුදීන්-නිරෝෂනේ දරුණුවට ගැටේ.. ‘උස්සලා පොලවේ ගහනවා’ නිරෝෂන් කියයි

හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් හා රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුව දී ඇතිවී තිබේ.

මෙම වචන හුවමාරුව ඇතිවී තිබෙන්නේ ණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට ටික වේලාවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කාමරය ඉදිරියේදීය.

නිරෝෂන් පෙරේරා මහතාට රිෂාඩ් බදුර්දීන් මහතා චෝදනා කර ඇත්තේ තමනට එල්ල කරන විවේචන දරුණු බවත් ඒවා වහාම නැවැත්විය යුතු බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් නිරෝෂන් පෙරේරා ඇමතිවරයා පවසා ඇත්තේ තම ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් විවේචනයන් ඒ ආකාරයෙන්ම ඉදිරියේදීද කරන බවත්ය.

මෙම වාදය එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගණනාවක් ඉදිරියට සිදුවෙද්දී එක්වරම නිරෝෂන් පෙරේරා ඇමතිවරයා සඳහන්කර ඇත්තේ ‘වැඩිය කෑ ගැහුවොත් උස්සලා පොලවේ ගහනවා’ යනුවෙනි.

කෙසේ වෙතත් පිරිස මැදිහත් වීම වාදය නිරාකරණය කර ඇති නමුත් නිරෝෂන් පෙරේරා මහතා අවසාන වශයෙන් පවසා ඇත්තේ තමන්ට ඇති විවේචනය හෙට දිනයේද නැවතත් එල්ල කරන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad