Harrison's secretary brother - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 14, 2019

Harrison's secretary brother

සිය ඉඩමේ කොටසක පිහිටි අමාත්‍ය පී.හැරිසන් මහතාගේ සම්බන්ධිකරණ කාර්යාලය ඉවත්කර ගන්නා ලෙස කලක සිට සිදුකල ඉල්ලීම් පැහැර හරිමින් එහි රැදීසිටිම නිසා පෙරේදා (13දා) දෙපාර්ශවය අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ඇතුළු මැරයන් පිරිසක් ලෑලි සහ ගඩොල් කැබලි වලින් සිදුකල පහරදීමකින් හෘද්‍ය රෝගි කාන්තාවක හා ඇගේ සැමියා තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත්කර තිබේ.

හෘදවස්තුව අකර්මණ්‍ය වීම නිසා සැත්කමකට (බයිපාස්) භාජනය කර සිටින තරුණ කාන්තාව හා ඇගේ සැමියා විසින් අමාත්‍යංශයේ සුඛෝපභෝගි රථයකට පහරදී අලාභ හානී සිදුකර රුපියල් 275000ක් වටිනා ලේකම්වරයාගේ ගෙලබැදි රන්මාලය කොල්ලකෑ බවට අමාත්‍ය පාර්ශවයෙන් ලැබුණු පැමිණිල්ලට වහාම ක්‍රියාත්මකවූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පෙරේදා (13දා) ඊයේ (14දා) ඉඩමේ කොටසක් අයිති යුවල අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අමාත්‍යවරාගේ සොහොයුරු වන ලේකම්වරයා හා තවත් හදුනාගත් කිහිප දෙනෙකු ගඩොල් වලින් හා අසලවූ ලී වෙළදසැලක ලෑලි රැගෙන තමන්ට පහරදි තුවාල සිදුකල බවට රෝගී කාන්තාව හා ඇගේ සැමියා අනුරාධපුර ශික්ෂන රෝහල් පොලිසියට පැමිණිලිකර ඇතත් ප්‍රහාරය එල්ලකල මැරයන් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නොමැත.

අමාත්‍ය ලේකම්වරයාගේ හා මැරයන්ගේ පහරකෑමට ලක්වු අංක 426 නිවත්තකචේතිය පාර අනුරාධපුර ලිපිනයේ පදිංචි ඉඩමේ කොටසක් හිමි 47 හැවරදි රුවන් ලක්මාල් කරුණාරත්න හා ඔහුගේ බිරිද වන 43 හැවරදි ආර්.එම්.මල්ලිකා නැමති තිදරුමව අනුරාධපුර ශික්ෂාන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු ආර්.එම්.මල්ලිකා මහත්මිය.මගේ නැන්දම්මගේ තමයි ඉඩම.ඇය ජීවත්ව සිටියදී අමාත්‍යවරයාට මේ ඉඩම දුන්නා කාර්යාලයක් ඉදිකරන්න.වසර හයකින් එම කොන්ත්‍රාත්තුව අවසන් වෙනවා නීතිඥ ලියකියවිලි වලට අනුව. මහත්තයාගේ අම්මා මියගියාට පසුව ඉඩම පර්චස් 30 බැගින් දෙකට බෙදුවා මහත්තයාගේ මල්ලිට හා මගේ සැමියාට.දෙකට බෙදෙන්නේ කාර්යාලය මැද්දෙන්.පොරොන්දුවට අනුව පසුගිය වසරේ හත්වෙනි මාසයේ කාර්යාලයෙන් ඔවුන් ඉවත්වෙන්න ඕන.නමුත් ඉවත්වුණේ නැති නිසා අවස්ථා ගණනකදී ආරවුලට පොලිසි ගියා.නමුත් පසුගිය මාස කිහිපය පොලසියෙන් සාධාරණයක් ඉටුවුනේ නෑ.

පසුගිය සතියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිතුමා මේ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමුකරා.නමුත පොලිසියට හැමදාම බොරු පැමිණිලි අරගෙන යන අමාත්‍ය පාර්ශවයේ උදාර නැමත්තා හෝ වෙනත් කිසිම අයෙකු එහි ආවේ නෑ.පෙරේදා (13දා) අපි සමථ මණ්ඩලයට ගිහිල්ලා නැවත නිවසට එද්දි මෙතන රැස්වීමක් තිබුණා.ඒ අවස්ථාවේ මම ඔවුන්ට බැන්නා.රැස්විම් තියන්න මුන්ට එන්න පුළුවන් ආරවුල සමථයකට පත්කර ගන්න එන්න බෑ කියලා.

එහි සිටි අමාත්‍ය ලේකම්වරයා ඇතුළු පිරිසක් මට පරුෂ වචනයෙන් බැන වැදුනා.මහත්තයත් ඒ ස්ථානයට ආවා.දෙපැත්තම බහින් බස්වීමක් සිදුවුණා.බයිපාස් එකක් කරලා ඉන්න මට කිහිප දෙනෙකු වටකර ගෙන ලෑල්ලකින් ගැහුවා.මහත්තයටත් ගැහුවා.ලේකම්වරයා රථය වෙනත් තැනක නතර කරලා ඇවිල්ලා අපි සමග රණ්ඩු උනා. මේ අවස්ථාවේ ඔවුන් ගඩොල් වලිනුත් ගැහුවා.මගේ පිටට අත්වලට ගල් වැදිලා තුවාලයි.මහත්තයටත් තුවාලයි.

ඔවුන් ගහපු ගඩොල් කැබැල්ලක් ජීප් රථයේ වැදිලා එහි වීදුරුවකට හානී සිදුවුණා.අපි රථයට ගල් ගහලා රන් මාලයක් කොල්ලකෑවා කියලා පොලිසියට පැමිණිලි කරලා.මේ සිද්ධිය අසලවු ආරක්ෂිත කැමරා පද්ධතියේ තියනවා.ඒක හරියටම බැලුව නම් පොලිසියට හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න තිබ්බා.නමුත් එහෙම දෙයක් නෑ අපි දෙන්නවම කඩිනමින් පොලිස් අත්අඩංගුවට ගත්තා.

දැන් සී.සී.ටී.වී දර්ශනත් අතුරුදහන් වෙයි.නැත්නම් රෙකෝඩ් වෙලා නෑ කියයි.හරියට නීතිය ක්‍රියාත්මක කරන්න.අපේ තැනයි දේශපාලන බලපුළුවන්කාරකම් දාලා ඔවුන් බලහත් කාරයෙන් ඉන්නේ.කාර්යාලයට වියදම් කරපු ලක්ෂ 15 කැපිලා නෑ කියනවා.ඒ මුදල් සියල්ල කැපිලා අවසන් වෙලා තියෙන්නේ.අපි අත්සන් කරපු ලියවිල්ලත් හංගගෙන ඉන්නේ.වංචාවෙන් දිනන්න තමයි ඇමතිවරයා ඇතුළු පිරිසගේ උත්සාහය යනුවෙන් ඈ පැවසුවාය.

අමාත්‍ය ලේකම්වරයාගේ පැමිණිල්ල ලැබුණු ඉඩම හිමි යුවල අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කටයුතු කර ඇතත් පහරදීමට සම්බන්ධවු බවට චෝදනා නැගෙන අමාත්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස අත්අඩංගුවට නොගන්නා බවට නැගෙන චෝදනාව පිළිබදව අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරි තිලින හේවාපතිරණ මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී ඔහු මෙසේ පැවසුවේය. අමාත්‍යංශ වාහනයකට ගහලා අලාභ කරලා තියෙන්නේ.එම අලාභහානීයට තමයි ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගත්තේ. රන් මාලය කොල්ලකෑව කියන එකනම් බොරුවක්. ඒ පාර්ශවයෙන් තාම පැමිණිල්ලක් නෑ. අපිට පාර්ශව පිළිබදව වැඩක් නෑ. අපි දෙපාර්ශවයටම නීතිය ක්‍රියාත්මක කරනවා යනුවෙන් පොලිස් අධිකාරිවරයා පැවසුවේය.

මහේෂ් විජේසුරිය


No comments:

Post a Comment

Post Bottom Ad