රජයේ වෛද්‍යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 16, 2019

රජයේ වෛද්‍යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්


 සදුදා දිනයේ සිට සතියක් පුරා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්ය ක්‍ෂෙත‍්‍රයේ ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය පවත්වන බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, නුසුදුසු පත්වීම් දිය හැකි ලෙස වෛද්‍ය සේවා ව්‍යවස්ථාව වෙනස් කිරීම, නව පනතකින් වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීම, රෝහල්වල ඇති ඖෂධ හිගය, වෛද්‍ය ස්ථාන මාරු ක්‍රමවේදය උල්ලංඝනය කිරීම ඇතුළු මූලික කරුණු මෙම වැඩවර්ජනයට මුල් කර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad