ජනාධිපතිවරණයට යළි තරග කිරීමට මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපයෙන් සූදානම් - දයාසිරි ජයසේකර - විගස පුවත් - Vigasapuwath

Friday, August 16, 2019

ජනාධිපතිවරණයට යළි තරග කිරීමට මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපයෙන් සූදානම් - දයාසිරි ජයසේකර


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන ජනාධිපතිවරණයට යළි තරග කිරීමට  කැමතිවන්නේ නම් ඊට ශක්තිය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම ගෙන නොමැති බවයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

සැප්තැම්බර් 03 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන්නේදැයි මාධ්‍යවේදීන් මෙහිදි ප්‍රශ්න කළා. එහෙත්, ගැටුම් වලට හේතු වන ප්‍රකාශ කිරීමට නොහැකි බැවින් එම ප්‍රශ්නය තමන්ගෙන් නොඅසන ලෙසයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *