"සැබෑ දෙමළ ජාතිකයෙක් නම් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ,එයා මේක සිංහල බෞද්ධ රටක් කියලා තේමාවේ ඉන්න කෙනෙක්." - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 17, 2019

"සැබෑ දෙමළ ජාතිකයෙක් නම් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ,එයා මේක සිංහල බෞද්ධ රටක් කියලා තේමාවේ ඉන්න කෙනෙක්."

Loading...
සිංහල බෞද්ධ තේමාවේ සිටින අපේක්ෂකයෙකුට දෙමළ ජනතාව සහාය නොදිය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමින්.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය."සැබෑ දෙමල ජාතිකයෙක් නම් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නැහැ. එයාට එරෙහිව නඩු දෙක තුනකුත් තියෙනවා. මහින්ද රාජපක්ෂ මෙයාව ජනාධිපතිවරණයට ඇයි දැම්මේ කියලා නම් දන්නේ නැහැ. ඒත්, එයා පැමිණෙන එකෙන් දෙමළ මිනිස්සුන්ට අඳුරු යුගයක් එන එක නම් ස්ථිරයි. ඇයි කිව්වොත්, එයා මේක සිංහල බෞද්ධ රටක් කියලා තේමාවේ ඉන්න කෙනෙක්. ඒක තහවුරු කරන්න ඕනම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි. එයා ප්‍රජාතන්ත්‍රවාදි විදිහට හිතන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා ගෝඨාභයට සහය දෙන්න කියලා මං කොහෙදිවත් කිව්වේ නැහැ. සහ‍යෝගය දෙන්න හොඳ නැහැ කියලයි මගේ ස්ථාවරය."
-Ada derana.


No comments:

Post a Comment

Post Bottom Ad