පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ භාවිතයට අලුත්වැඩියා කළ නිල නිවාස මන්ත්‍රීවරුන්ගේ භාවිතයට ගැනීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.
කොළඹ 07 ශ්‍රාවස්ති මන්දිරයට යාබදව තිබූ කළමනාකරුවන්ගේ නිල නිවාස මෙසේ අලුත්වැඩියා කර පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට භාවිතයට ලබා දීමට සැලසුම් කර තිබිණ.
මීට පෙර ශ්‍රාවස්තිය මන්ත්‍රීවරුන්ගේ නිල නිවස ලෙස පාවිච්චි කළ අතර පසුව කෝට්ටේ මාදිවෙලට මන්ත්‍රී නිල නිවාස වෙත රැගෙන යාමෙන් හිස් වූ ශ්‍රාවස්තියට බස්නාහිර පළාත් සභාව රැගෙන ගියේය. ඒ අනුව එම ගොඩනැගිලි ද මේ වන විට හිස්ව ඇත.
මෙතෙක් කලක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙකුට නිල නිවාසයක් නොමැති වූ තත්ත්වයක් මත රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කර එය අතහැර දමා තිබූ කළමනාකාර නිල නිවස අලුත් වැඩියා කර ඇත.
හිස්ව ඇති ශ්‍රාවස්ති මන්දිරය යළි මන්ත්‍රීවරුන්ගේ නිල නිවස ලෙස ලබා ගැනීම සඳහා ඒ පිළිබඳ සොයා බැලීමට ගිය මන්ත්‍රීවරුන් පිරිසක් එහි පිටුපස ඇති අලුත්වැඩියා කළ මහ ලේකම්වරයාගේ නිල නිවස දැක එය මන්ත්‍රීවරුන්ට ලබා ගත යුතු බවට යෝජනා කර තිබේ. ඒ අනුව එය නියෝජ්‍ය කථානායකවරයාට වෙන් කිරීමට යෝජනා කර ඇත.
චමින්ද සේනාරත්න
අරුණ
Saturday, August 17, 2019
මහලේකම්ට හැදූ නිවස මන්ත්‍රීවරුන්ට ඕනෑ වෙලා !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment