හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පාර්ශවයෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් විසින් නම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට පෙර රටේ ජනතාව විසින් ඔහු තෝරාගෙන සිටි බව ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
තම සහෝදරයා අද පටන් රටේ සහෝදරත්වයට භාර දෙන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
ගෝඨාභය මහතාගේ නම ප්‍රකාශ කරනවාත් සමගම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය සිටි ජනතාව විනාඩි ගණනාවක් ඔල්වරසන් දෙමින් ජයඝෝෂා කලහ.
මහින්ද-ගෝටා වෙනුවෙන් රට පුරා රතිඤ්ඤා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම හා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු මහින්ද රාජපක්ෂ මහතා විසින් නම්කරනු ලැබීය.
එම නම් කිරීමත් සමග රට පුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා එයසමරනු ලැබීය.
Sunday, August 11, 2019

අපේ අපේක්‍ෂක ගෝටා.. මහින්ද නිවේදනය කරයි.. සුගතදාසය දෙදරන ජයඝෝෂා
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment