මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධීයි.. 03 වැනිදා රාජාසන කතාව පරදනවා - සජිත් පිල කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධීයි.. 03 වැනිදා රාජාසන කතාව පරදනවා - සජිත් පිල කියයි

නවාරි තුන් වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් සිදුකරන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නැතහොත් රාජාසන කතාව හැකිනම් සම්මත කරගෙන පෙන්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අභියෝග කරයි.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බවත් එනිසා නැවත වතාවක් පාර්ලිමේන්තුව සැසිය අවසන් කිරීමට බලාපොරොත්තුවක ජනාධිපතිවරයා සිටින බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය ජය ගත් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවත් එක් ජන වරමකින් තවත් ජනවරමක් යටපත් කිරීම ව්‍යවස්ථා විරෝධි බවත් ඔහු පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවල තිස්ස අත්තනායක මහතා ඉදිරියෙන්ම කටයුතු කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad