මේ ආයෝජනය පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම විසින් සිදුකරන අතර එම සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා මුදල් ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමිවී ඇත.
මේ ගැන කරුණු පැහැදිලි කරන මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය මෙසේද කියයි.
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග‍්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරේ.
ඇ. ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ කුලූනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ. මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳසල් සඳහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ පවතී.
මෙම ආයෝජනය සඳහා නුදුරේදීම අත්සන් කිරීමත් සමග ව්‍යාපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමට නියමිත අතර එහිදී බදු කුලිය ලෙස ඇ. ඩො. මිලියන 43 ක මුදල ශ‍්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

No comments:
Post a Comment