පාස්කු බෝම්බ පින්තූර FB හුවමාරු කල ලාංකිකයන් තිදෙනෙක් ඩුබායි හිරේ දමයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

පාස්කු බෝම්බ පින්තූර FB හුවමාරු කල ලාංකිකයන් තිදෙනෙක් ඩුබායි හිරේ දමයි.


ඩුබායි අධිකරණය විසින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට සිරදඬුවම් නියම කර තිබේ.ඔවුනට ගෙවීමට නියම වූ ලක්ෂ 8ක පමණ දඩ මුදලක් ගෙවීමට නොහැකි වීම නිසා මෙසේ සිරදඬුවම් නියම කර ඇත.

ඔවුනට දඩමුදල් නියමකර ඇත්තේ පසුගිය අප්‍රේල් 21 වැනි දා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පින්තූර සමාජ ජාලා ඔස්සේ හුවමාරු කර ගත්තේ යැයි එල්ල වූ චෝදනාවක් මතයි.

එසේ සිර දඬුවම් නියම වූ පිරිසෙන් එක් පුද්ගලයෙකුගේ ඥාති දියණියක්ද පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත්වී තිබූ අතර ඔවුන් හුවමාරු කරගෙන තිබුණේ එම ඥාති දියණිය ගේ පින්තූරයි.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad