විපක්ෂ නායකත්වය මෙන්ම පක්ෂ නායකත්වය ද ලබාදීමට තමාගේ විරුද්ධත්වයක් නැති බවත්, වර්තමානයේ තමා එජාප නායකයා ලෙස එම පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේදී ඒ සඳහා පැහැදිළි අනාගතයක් තිබිය යුතුබවත්, ඒ අනුව අදාළ ධූර දෙකම රැගෙන ඉදිරියට ඒවා ශක්තිමත් කිරීමට ඇති සැලැසුම කුමක්දැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසා තිබේ.
එම විමසීම සිදු කර ඇත්තේ පෙරේදා (29) කථානායක කරු ජයසූරිය, මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් හා දෙමළ ප්රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණු නායකයින් සමඟ සාකච්ඡාවේදීය.
විපක්ෂ නායක හා පක්ෂ නායකත්වය ලබාදෙන්නට පෙර අදාළ සැලැසුම පෙන්වන්වන්නැයි රැගෙන එන්නැයි ප්‍රේමදාස මහතාට එහිදී වික්‍රමසිංහ මහතා දන්වා තිබේ.
මේ අනුව, ප්‍රේමදාස මහතා ඉදිරි සැලැසුම්ද රැගෙන ඉදිරි දිනකදී පක්ෂ නායකත්වයා හා විපක්ෂනායකත්වය ඉල්ලා ගැනීමට වික්‍රමසිංහ මහතා මුණගැසීමට නියමිතය.
Sunday, December 1, 2019
විපක්ෂය ගොඩදාන ප්ලෑන්එක රනිල් සජිත්ගෙන් ඉල්ලයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment