ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වූ මොහොතේ සිට ඔහු බලයට පැමිණි පසුත් එක්‌සත් ජාතික පක්‍ෂය විවිධ කුමන්ත්‍රණ සිදුකළ බව කී මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් මෙම කුමන්ත්‍රණය සිදුකරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවට කිරීමට බැරි වූ විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් කිරීමට වත්මන් ආණ්‌ඩුව පෙරමුණ ගැනීම නිසා යෑයි ද පැවසීය.
මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය,
එක්‌සත් ජාතික පක්‍ෂය පැරදුණාට පස්‌සෙත් ඔවුන් අතර ප්‍රශ්න පිට ප්‍රශ්න. කඩාවැටුණු එක්‌සත් ජාතික පක්‍ෂය යළිත් ගොඩනැඟීම බැරෑරුම් කාර්යයක්.
එක්‌සත් ජාතික පක්‍ෂයේ අති විශාල බහුතරයක් දැන් අපිත් සමග සේවය කිරීමට අත්වැල් බැඳගෙන සිටිනවා.
දිවයින


No comments:
Post a Comment