වාහන 15ක් කුලියට ගන්න මාර්ග අධිකාරියෙන් කෝටි 25ක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 21, 2020

වාහන 15ක් කුලියට ගන්න මාර්ග අධිකාරියෙන් කෝටි 25ක් !

කුණු පළාතේ පාලම් ඉදිකිරීමේ කටයුතුවල නියැළි සේවකයන් සඳහා මෝටර් රථ පහළොවක් කුලියට ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් විසිපන් කෝටි හතළිස් හතර ලක්ෂයක් ගෙවා ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. වාහන කුළියට ගැනීම සඳහා පළමුව රුපියල් දාහත් කෝටි අනූහය ලක්ෂයක් වෙන්කරගෙන ඇති අතර 2018 දෙසැම්බර් 31 දිනය වන විට එම ප්රමාණය ඉක්මවා රුපියල් විසිපන් කෝටි හතළිස් හතර ලක්ෂයක් වියදම්කර ඇත.
ඒ අනුව වෙන්කර ගත් මුදලට වඩා තවත් රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක් වාහන කුළිය සඳහා වියදම්කර ඇතැයි පවසන විගණකාධිපතිවරයා මෙය රජයට අමතර පිරිවැයක් බවද සඳහන් කර තිබේ.

ජපන් ජාත්යන්තර සහයෝගීතා ආයතනය මගින් ලබාදෙන ලද ණය ආධාර යටතේ මෙම නව පාලම් ඉදිකෙරේ. පාලම් වෙනුවෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් සඳහා වන්දි ගෙවීමද ප්රමාද කර ඇතැයි සඳහන් කරන විගණකාධිපතිවරයා එම ප්රමාදයට පොලී වශයෙන් රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂයක් ගෙවා ඇතැයිද පවසයි.

2021 වසරේ නිමවීමට නියමිත මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරන්නේ මහාමාර්ග අමාත්යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බවද දැක්වේ.

මෙම ව්යාපෘතියට අදාළ ගිවිසුම යටතේ පළාත් කීපයක පාලම් 37 ක් 2019 වසර වනවිට ඉදිකර අවසන් වීමට නියමිතව තිබූ බව පවසන විගණකාධිපතිවරයා පළාත් තුනක පාලම් 19ක් ඉදිකිරීමේ කටයුතු 2019 ජූනි වනවිටත් ආරම්භකර නොතිබූ බව කියා සිටී.

අජිත් අලහකෝන්


No comments:

Post a Comment

Post Bottom Ad