රනිල් එජාපයේ ඉදගෙන පිස්සු නටනවා.. රටේම ජන ජීවිතයට ඒක බලපානවා - ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 31, 2020

රනිල් එජාපයේ ඉදගෙන පිස්සු නටනවා.. රටේම ජන ජීවිතයට ඒක බලපානවා - ෆොන්සේකා

දීර්ඝ කාලයක් රට පාලනය කරන ලද දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තුල කිසිවකු පිස්සු නටයි නම් එය මේ රටේ ජන ජීවිතයට බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් තමනට දන්වා නැති බවත් තමන්ද එය දැනගත්තේ මාධ්‍ය ඔස්සේ බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අද බොහෝ දෙනා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වන්නේ නැහැ නම් නැතිනම් ඔවුන් ඡන්දය නොදෙන බව යයිද ඔහු කියා සිටියේය.

පක්ෂය නායකයාගේ බූදලයක් නොවිය යුතු බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය පත්කිරීම තනි පුද්ගලයකු විසින් කළ නොයුතු බවත් ඔහු සඳහන් කළේය.

කැළණියේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad