අදට (24 දා) යෙදෙන ‘සාරධර්ම දිනයට’ සමගාමීව සියලූ පාසල්වල සාරධර්ම වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලූ පාසල්වලට දැනුම් දී ඇත.
සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකිරීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක‍්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි 24 වැනිදා ‘සාරධර්ම දිනය’ ලෙස නම්කර තිබේ.
මෙම දිනය නිමිති කරගෙන පෙරවරු 7.30 සිට පෙරවරු 8.00 දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධව විශේෂ හඳුන්වාදීමේ මූලික වැඩසටහනකින් ආරම්භ කර යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් කිහිපයක් එදිනට ක‍්‍රියාත්මක කළ යුතුය.
යෝජිත සාරධර්ම අතර මාපිය, ගුරු, වැඩිහිටි, සම්භාවනා වැඩසටහන්, සදාචාර මාධ්‍ය භාවිතය, පරිසර සංරක්‍ෂණය, දෛනිකව ක‍්‍රියාත්මක කළයුතු සදාචාර සංවර්ධන වැඩසටහන්, අසරණයන්ට පිහිටවීම ඇතුළු වැඩසටහන් අතුරින් කිහිපයක් ක‍්‍රියාවට නංවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලූ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
චමින්ද සිල්වා -Divaina
Thursday, January 23, 2020
සියලූ පාසල්වල අද සාරධර්ම වැඩසටහන්.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment