මෛත‍්‍රී-මහින්ද පොහොට්ටුවේ සම නායකත්වයට.. නව සන්ධානය සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 31, 2020

මෛත‍්‍රී-මහින්ද පොහොට්ටුවේ සම නායකත්වයට.. නව සන්ධානය සූදානම්

මීලග මහ මැතිවරණය තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යෝජනා ස්ථිර වූ බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම එසේ වෙනස් කරන බවද ඔහු පැවසීය.

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ නව ව්‍යවස්තාව අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට 51%ක්, ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට 30%ක් හා සෙසු පක්‍ෂවලට ඉතිරියද ලෙස නියෝජන බලය බෙදී යන බවයි.

එමෙන්ම නව සන්ධානයේ නව නායකයන් ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් කරන බවද ඔහු පැවසුවේය.

නව සන්ධානයේ ලකුණ ගැන මෙතෙන් තීන්දුවක් නැති බවත් ඉදිරියේදී තීරණය කරන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ඉදිරි මැතිවරණයේදී ‘පොහොට්ටුව’ ලකුණ කිසිසේත්ම වෙනස් නොකරන බවයි.

ඒ අනුව නව සන්ධානයේ ලකුණ පොහොට්ටුව වන්නේ නම් එහි සම නායකත්වය මහින්ද රාජපක්‍ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරුන්ට ලැබීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad