වුහාන් නගරයේ සිටි ලාංකික සිසුන් ගුවන් යානය මත්තලට ගොඩ බාද්දී සිසුන් ප‍්‍රිති ඝෝෂා කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 31, 2020

වුහාන් නගරයේ සිටි ලාංකික සිසුන් ගුවන් යානය මත්තලට ගොඩ බාද්දී සිසුන් ප‍්‍රිති ඝෝෂා කරති


සිසුන් සතුටින් හඬා වැටෙයි
විශේෂ ආරක්ෂාවක් සමග දියතලාවට

චිනයේ වුහාන් නගරයේ සිටි ලාංකික සිසුන් ඇතුළු 33 දෙනෙක් සහ එහි සිටි ඔවුන්ගේ පවුල්වල ඥාතින් රැගත් ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් UL-1423 දරණ විශේෂ ගුවන් යානය මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (01) අලුයම ගොඩ බස්වනු ලැබුවා.
මෙලෙස පැමිණි පිරිස විශේෂ බස් රථයකින් ආරක්ෂා සහිතව දියතලාව හමුදා කඳවුරේ පිහිටි නිරෝධාන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබන අතර එහිදී දින 14ක කාලයක් රඳවා ගනිමින් වෛද්‍ය පරික්ෂාවකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මත්තල ගුවන් තොටුපොළේ ගොඩ පෑමෙන් පසු එම සිසුන්ට තම දෙමාපියන් සමග දුරකතනයෙන් කතාබහ කරමින් ඇතැම් සිසුන් සතුටින් හඬා වැටී ඇති බව ද සඳහන්ය.
නව කරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය සතියේදී චීන බලධාරින් විසින් වුහාන් නගරය වසා දැමීමට පියවර ගනු ලැබීමත් සමග එහි සිටි ලාංකික සිසුන් ඇතුළු පිරිස මුදවා ගැනීමට මෙරට රජය චීන බලධාරින් සමග සාකච්ජා ආරම්භ කරනු ලැබුවා.

එම සාකච්ජාවල ප්‍රතිපලයක් අනුව වුහාන් නගරයේ සිටින ලාංකිකයින් යලි සිය රට බලා රැගෙන ඒම සඳහා විශේෂ පුහුණුවකින් ලැබූ කාර්ය මණ්ඩලයක් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ (31) සවස කටුනායක සිට ගුවන් ගතවිය.

මෙරට වේලාවෙන් අලුයම 2.00 ට පමණ එම විශේෂ ගුවන් යානය වුහාන් හි පිහිටි ටියැංහි ගුවන්තොටුපොළෙන් යළි මෙරට බලා ගමන් ආරම්භ කරනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad