වූහාන්හි රැඳී සිටි ලාංකික සිසුන් 33 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 31, 2020

වූහාන්හි රැඳී සිටි ලාංකික සිසුන් 33 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තලට

චීන වූහන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ගිය යානය මේ වන විට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වා තිබේ.

එහි සිසුන් 33 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලයද දෙසතියක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ රැදවීමට නියමිත බව වාර්තා වෙයි.

රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.

එමෙන්ම එම ගමන සඳහා සහභාගි වූ ගුවන් යානය ද විශේෂ නිරෝධායන කටයුත්ත සිදුකිරීමට නියමිතව ඇත.

එය සාමාන්‍ය මගී ගමන් සදහා යොදා ගැනීම දින කිහිපයක් සිදු නොකරනු ඇතැයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad