චින ඉංජිනේරුවන් දෙදෙනෙකු කොරෝනා යයි සැක පිට මහනුවර රෝහලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 30, 2020

චින ඉංජිනේරුවන් දෙදෙනෙකු කොරෝනා යයි සැක පිට මහනුවර රෝහලට

ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැලණි ගග හරස් කර ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ සේවයේ නියුතු චින ජාතික විධායක ඉංජිනේරුවරයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරික්ෂාවක් මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කල බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය අධිකාරි ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ  ප්‍රකාශයක් කරමින් ක්‍රිෂාන් පේමසිරි මහතා කියා සිටියේ බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ චින ජාතිකයන් අදාල ව්‍යපෘතියේ කොන්ත්‍රත්තුව සිදු කරන බවත්, එම ව්‍යාපෘතියේ චින ජාතිකයන් 75 දෙනෙකු ඇතුළු මෙරට ඉංජිනේරුවන් ඇතුළු සේවකයින් විශාල පිරිසක් එම විදුලි බලාගාර ව්‍යපෘතියේ සේවය කරන බවයි.

කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්විම සදහා තම සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලය මගින් එම විදුලි බලාගාර ව්‍යපෘතියට ගොස් මුඛ ආවරණ පැලදිම සම්බන්ධයෙන් සියළු දෙනා දැනුවත් කිරිමේදි මේ මස 1 දින සිට 29 දින දක්වා චිනයට  ගොස් ආපසු පැමිණි චින ජාතිකයන් 8 දෙනෙකු හදුනාගත් බවයි .

ඉන් චින ජාතිකයන් දෙදෙනෙකු මේ මස 20 දිනෙන් පසුව දිවයිනට පැමිණි අය බවත්, එම චින ජාතිකයන් දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බවයි.

සෙසු චින ජාතිකයන් හය දෙනාද කොරෝනා වෛරසය වැලදි ඇත් ද යන්න තහවුරු කර ගැනිම සදහා රෝහල් ගත කිරිමට පියවර ගන්නා බවද අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad