රන්ජන් සෙසු සිරකරුවන්ගෙන් වෙන් කරයි.. ඔහුගේ වාට්ටුව තහනම් කලාපයක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 22, 2020

රන්ජන් සෙසු සිරකරුවන්ගෙන් වෙන් කරයි.. ඔහුගේ වාට්ටුව තහනම් කලාපයක් කරයි

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රදවා සිටින එහි ‘පී’ සිරකුටියේ දොරටු වසා දමා ඇත.

එම ප‍්‍රදේශය සෙසු රැදවියන්ට ඇතුලුවීම තහනම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියි.
මන්ත්‍රීවරයා දිනපතා උදෑසන විනාඩි 30කින් ව්‍යායායම කටයුතු සඳහා පමණක් පිටතට ඒමට අවස්ථාව ලබා දී ඇත.

පාර්ලිමේන්තු දිනයන් සඳහා සහභාගී වීමට ඔහුට අවසර දී තිබේ.

මන්ත්‍රීවරයා රඳවා සිටින ප්‍රදේශයට රාජකාරි කරන නිලධාරීන්ට හැර වෙනත් කිසිවෙකුට යා නොහැකි අන්දමින් තහනම් කලාපයක් කර ඇත.

මන්ත‍්‍රීවරයා බන්ධනාගාරයට ඇතුළුකල දිනවල සිටම සෙසු රැදවියන් ඔහුගෙන් බොහෝ ඈතට වීමට උත්සාහ දරා තිබුනේ මාධ්‍ය මගින් ඔහු ගැන වාර්තා වී තිබූ විකෘති චර්යාවන් හේතුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad