ශ්‍රීලංකන් ලොක්කාගේ බිරිඳට යුරෝ මිලියන 17ක අල්ලසක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

ශ්‍රීලංකන් ලොක්කාගේ බිරිඳට යුරෝ මිලියන 17ක අල්ලසක්!

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරියකුගේ බිරිඳකට එයාර් බස් සමාගම් විසින් යුරෝ මිලියන 17ක් අල්ලස් ලෙස ලබාදී ඇතැයි බ්‍රිතාන්‍ය ද ටෙලිග්‍රාප් පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව මෙසේ මුදල් ලබාදී ඇත්තේ ගුවන් යානා 14ක් විකිණීමේ ගනුදෙනුවකට අදාළවය. ‍මෙය හෙළිදරව් වී ඇත්තේ එක්සත් රාජධානියේ වංචා සෙවීමේ කාර්යාලය විසින් 2011 –2015 අතර කාලයේදී එයාර් බස් සමාගම් සිදුකළ ගනුදෙනු පිළිබද විමර්ශනයකදීය.

එම සමාගම විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එවක විධායක නිලධාරියකුගේ බිරිඳක් අතරමැදියෙකු ලෙස යොදා ගනිමින් ගුවන් යානා අලෙවි කිරීමට බලපෑම් කර ඇති බවට අදාළ විමර්ශයෙදී හෙළිව ඇත.

බ්‍රිතාන්‍යෙය් ද ටෙලිග්‍රාෆ්ට් පුවත්පත වාර්තා කළේ ගුවන් යානා ව්‍යාපාර පිළිබද කිසිදු අත්දැකීමක් නොමැති අදාළ කන්තාවට යුරෝ මිලියන 17ක් එයාර් බස් සමාගම විසින් අල්ලස් ලෙස ලබාදී ඇති බවය. ඒ එයාර් බස් සමාගම ගුවන් යානා 14ක් අලෙවි කරගැනීමේ අරමුණ ඇතිවය. ‍

මෙම අල්ලස් ලබාදීම අනාවරණය කරගැනීමත් සමග එයාබස් සමාගමට යුරෝ බිලියන 3.6ක දඩයක් එක්සත් රාජධානියටත් ප්‍රංශයට සහ එක්සත් ජනපදයට ගෙවීමට සිදුව ඇති අතර එය දැනට ලෝකයේ ගෙවීමට සිදු වූ වාර්තාගත දඩයක් ලෙස සැලකෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad